ඩිජිටල්කරණය පිළිබද ජනාධිපති උපදේශක තනතුරට භාරගැනීමේ අපේක්ෂාවෙන් සිටින ආචාර්ය හාන්ස් විජේසූරියගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බව ඔහු සේවය කරන ආසියාටා සමාගම අද නිවේදනය කළේය.
ඒ අනුව ජනවාරි මස 15 වැනිදා සිට බලපාන පරිදි ආචාර්ය හාන්ස් විජේසූරියගේ ඉල්ලා අස්වීම ආසියාටා සමූහයේ අධ්යක්ෂ මණ්ඩලය පිළිගෙන ඇත.
ආසියාටා සමූහයේ රැකියාවෙන් පූර්ණ කාලීනව ඉවත් වන තෙක් ඔහුට ආසියාටා සමූහයේ පැවරී ඇති වගකීම් එලෙසම අඛණ්ඩව පවතින බවද, එම කාලය තුළදී විධායක නොවන ලෙස ලංකාවේ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව විවෘත වී ඇති බවද ආසියාටා සමාගම නිවේදනය කරයි.
ආසියාටා සමූහයේ ආරම්භක සාමාජිකයෙක් වන හාන්ස් විජේසූරිය ටෙල්කොම් මැලේසියා සමාගම සමග යස තිහකට වඩා වැඩි කාලයක් සේවය කර තිබේ.
ආසියාටා සමූහය 1993 වසරේ සිට ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නෙක් වන ඩයලොග් ආසියාටා සමග කටයුතු කරයි.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආසියාටා සමූහය හරහා නිවේදනයක් නිකුත් කරමින් හාන්ස් විජේසූරිය මෙසේද සදහන් කරයි
“පසුගිය දශක කිහිපය තුළ Axiata හි ගමනේ කොටසක් වීමට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක්. අපගේ සභාපති සහ මණ්ඩලය, සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙහෙයුම් සමාගම් ප්‍රධාන විධායක නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන, Axiata පවුල, Telco-TechCo පරිවර්තනයේ දී සමූහයේ චින්තන නායකත්වය කේන්ද්‍ර කර ගනිමින් ඩිජිටල්, ටෙලිකොම් සහ යටිතල පහසුකම් අවකාශයේ නව මායිම් ඇති කර ගෙන ඇත. ශ්‍රී ලංකා රජය විසින් මා වෙත කරන ලද ආරාධනය පිළිබඳව මා ගෞරවයට පාත්‍ර වන අතර, මගේ රටට දායක වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම භාග්‍යවන්ත වෙමි. මම මෙම නව පරිච්ඡේදය ආරම්භ කරන විට, මා සතුව ඇති සෑම ඉගෙනීමක්ම, Axiata සමූහය හරහා අතීතයේ සහ වර්තමාන නායකත්වයට සහ සගයන්ට ණයගැති බව මම ගැඹුරින් දනිමි. ඔවුන්ට, මම සැමවිටම කෘතඥ වෙනවා. ”