ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තී සමිති සියල්ල විසුරවාහරින බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරදච්චි පැවසුවේය.
දැන් විරෝධතා කරන්නේ කාට එරෙහිවදැයි ප්‍රශ්ණ කළ ඔහු මෙසේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති විසුරවාහරින බව කීවේය.
කැස්බෑවේදී ඊයේ සවස අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.
පසුගිය කාලයේ දේශාපලඥයින් අතින් විනාශ වී ගිය මේ රට හදන්න අපිට වෙලා තියෙනවා. අපි ඒ රට හදනවා. ඉස්සර ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය, පොදු ප්‍රවාහන සේවය, දොස්තරලා වරින් වර ස්ට්‍රයික් කළා.
අද මං කිව්වා කදයලා මතක තියාගන්න, ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැති වෙදරා. කාටද ස්ට්‍රයික් කරන්නේ. තව කාලයක් යනකොට අපි මේ පක්ෂය පැත්තකින් තියලා වෘත්තීය සමිති විසුරවාහරිනවා. මොකටද වෘත්තීය සමිති ඕන නෑ.
හෙට උපදින දරුවන්ට කවදාහරි දවසක කියලා දෙන්න වෙනවා, පුතේ ස්ට්‍රයික් එක කියන්නේ මේකයි, ඇදිරි නීතිය කියන්නේ මේකයි කියලා.