“මගේ මල්ලි – අම්මා ඉල්ලුවත් රට රස්සාවලට යන්න සල්ලි දෙන්න එපා” හිටපු ඇමති මනුෂ කියයි

විදේශ රැකියා සදහා තමන්ගේ පවුලේ අයෙක් හෝ මුදල් ඉල්ලා සිටින්නේ නම් මුදල් ලබා නොදෙන ලෙසට තමන් දිගින් දිගටම ඉල්ලා සිටි බව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා සිටියා.

කාට හෝ එසේ මුදල් ලබාදුන් අයෙක් වේ නම් බොරු සංදර්ශන නොදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හෝ පොලීසියට පැමිණිලි කරන්නැයිද එතුමා කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ,

මගේ පවුලේ කෙනෙක් කියලා හරි, මගේ අම්මා කියලා හරි, මල්ලි කියලා හරි මුදල් එකතු කරනවා නම් මුදල් දෙන්න එපා කියලා කිව්වා. රජයට විතරයි ගාස්තු ගෙවිය යුත්තේ කියලා අපි කිව්වා.”

” ඒත් ඇතැම් පුද්ගලයින් අහු වෙලා තියෙනවා.”

“අපේ රටේ බොරු කිව්වම මිනිස්සු අහු වෙනවා. ඒ වගේ අහුවුන අයට කියන්නේ අහුවෙන්න එපා කියලායි. කිසිම අයෙක්ට මුදල් ලබාදී තිබෙනවා නම් වහාම පැමිණිලි කරන්න. බොරුවට චෝදනා කර කර ඉන්නේ නැතිව පැමිණිලි ඉදිරිපත් කරන්න.”

“නීතිය ක්‍රියාත්මක කරන්න”