විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි යවා ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණා.