දිගටම වහින වැස්ස නිසා කොළඹ සහ ගම්පහ හෙට වැසෙන පාසල්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.