ඉදිරි පැය 48 සැලකිලිමත් වෙන්න , අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර අවදානම තවදුරටත්

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා.

ඉදිරි පැය 48 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එහිදී ඉදිරි පැය 48 සඳහා දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කර ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.