ඔයාලත් සුදු වෙන්න ක්‍රීම් ගානවා නම් මේ ගැන අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න

අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා

එහිදී පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ අද වෙද්දී කාන්තාවන් අන්තර්ජාලයේ සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම නිසා සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති අතර ආලේපන වර්ග වෙළදාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි.

වැඩිදුරටත් මේ ගැන අසේල බණ්ඩාර මහතා පවසා සිටියේ ,

“විශේෂයෙන් සමාජ මාධ්‍යට ගියොත් දකින්න ලැබෙන වෙළෙඳ දැන්වීම් වල ඉතාමත් ලස්සන කාන්තාවක් ඇවිල්ලා මම ගාන්නේ අහවල් ක්‍රීම් වර්ගය කියලා, ක්‍රීම් වර්ගයක් ඉදිරිපත් කරනවා. අපි ඒක දකින්නේ වෙළෙඳ දැන්වීමක් විදියට තමයි.

ඒ වෙළෙඳ දැන්වීම අපි ඔබලා බැලුවොත් ඒ වෙළෙඳ දැන්වීම දාපු කෙනාගේ දුරකථන අංකයක් විතරක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට දුරකථන අංකයකුත් නැහැ, ලිපිනයකුත් නැහැ. විශේෂයෙන්ම සමේ ආලෙප කරන මේ වගේ දේවල් අපි ගෙන්නගෙන පාවිච්චි කරලා යම් කිසි ගැටලුවක් අවොත් එහෙම අපිට හොයාගන්න බැහැ කොයි වගේ පුද්ගලයෙක්ද අපිට මේ භාණ්ඩය විකුණුවේ කියලා.

මේ ගැන අපේ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කියන ක්‍රීම් වර්ග ආලේපන වර්ග භාවිතා කිරීමෙන් අපි අයින් වෙන්න ඕනේ.”