රතන් ටාටා දිවි ගමන අවසන් කරයි

ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියයනවිට ඔහුගේ වයස 86 ක් වුණා.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, රතන් ටාටා, පසුගිය දා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබුණා.