බිත්තර නිෂ්පාදන වියදමින් 80%ක් කුකුල් කෑමට

බිත්තරයක් නිෂ්පාදනය කිරීමේදී සියයට 80ක වියදමක් කුකුල් කෑම සඳහා දැරීමට සිදුව ඇති බව ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, ඔහු කියා සිටියේ බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 32ත් 33ත් අතර මුදලක් වැය වන බවයි.