සනත්ගේ පුහුණුකරු තනතුර ස්ථිරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සනත් ජයසුරියව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහායි.

ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි සඳහා වැඩ බලන පුහුණු කරු ලෙසයි ඔහු සහභාගි වුණේ.