හිටපු ජනපති මෛත්‍රි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වුණා.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ සුනන්ද දේශප්‍රිය මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව රචනාකළ කෘතිය මිළ්දී ගැනීම මූලික අරමුණක් බවයි.

මේ අතර හිටපු ජනාධිපති වරුන්ගේ සහ ප්‍රභූ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධවද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ්කලා.

එහිදි මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ තමන් ආරක්ෂකයින් නොමැතිව නිදහසේ ගමන් කිරීමට කැමති බවයි.

අදාළ බලධාරීන් ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධව තමන් වැඩි තැකීමක් නොකරන බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිව් වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර ලබන 06 වනදා එය පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.