සංවිධානාත්මක අපරාධකරුවෙකු අත් අඩංගුවට

දුරකථන අංක භාවිතා කරමින් වසර ගණනක් විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින් මෙරට සිට අපරාධ රැසක් මෙහෙයවූ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙළෙස අත් අඩංගුවට ගනු ලැබුවේ ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ යන අයයි.

එම සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසි සහ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීඩියාගොඩ දසුන් රාජ කරුණා යන අයගේ මාමා කෙනෙක් බවද පොලිසිය සඳහන් කළා.

සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත නවීන පන්නයේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.