ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ අවසන් තීරණය අද

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා තීරණය කෙරුණා.

කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙළෙස රැස්වීමට නියමිතයි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයට පිළියමක් වශයෙන් වෙනත් රාජකාරීවල නිරත වී සිටි නිලධාරීන් සේවයේ අවශ්‍යතාව මත පොලිසියට අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.