ගජමුතු සමඟින් සැකකරුවෙක් අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්.

ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.