සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි

අද (28) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව බවත් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.