මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙම තරුණයින් ඊයේ දහවල් දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් තිබෙනවා.

එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අතුරදන් වී ඇත්තේ වයස අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක්.

අතුරුදන් වු තරුණයින් දෙදෙනා සොයා පොලීසිය සහ නාවික හමුදාව මෙයුමක් දියත්කර තිබෙනවා.

මෙම තරුණයින් අතරින් එක් අයකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඇය ගෙනවිත් තිබූ විදෙස් මත්පැන් බෝතලයක් මෙම තරුණයන් විසින් පානය කිරීමෙන් පසුව ගඟට බැස ඇති බව වාර්තා වන්නේ.