නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරුන් අද පස්වරුවේ දිවුරුම් දුන්නා.

ඒ අනුව ,

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර තිබෙනවා.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී තිබෙනවා.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම ආණ්ඩුකාරවරුන් පිරිස දිවුරුම් දුන් අතර නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු මේ ආකාරයට දිවුරුම් දී තිබෙනවා.