පාර්ලිමේන්තු පිවිසුම අසළ අනතුරක්

පාර්ලිමේන්තු පිවිසුම අසල රිය අනතුරක් සිදුව තිබෙනවා.

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස අනතුරට ලක්වුණා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසළ මාර්ගයේ රථවාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අද උදෑසන මෙළෙස අනතුරට ලක්ව තිබෙනවා.

රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.

යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනීමට කටයුතු කළා.