පාස්කු ප්‍රහාරය ගැන සොයා බලා සත්‍ය හෙළිදරව් කරනවා – අලුත් ජනාධිපති කාදිනල් හිමියන්ට පොරොන්දු වෙයි

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලා එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක තමන්ට සහතික වූ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන් මෙසේද පැවසුවා.

“ලංකාවේ වැඩි ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහත්මයට මම සුබ පතනවා. ඒ වගේම මේ වෙලාවේ ශ්‍රී ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ භාර ධූර වගකීම එතුමාගේ කර මත ජනතාව පවරා තිබෙනවා. මේක දුෂක්ර කටයුත්තක් වෙන්න පුලුවන්. එතුමාට අපේ පූර්ණ සහායත් ආශිර්වාදයත් ලබාදෙනවා.

ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ දිළිදු ජනතාව ගැන හිතලා කටයුතු කරන්න කියා ඉල්ලනවා

ජනාධිපතිතුමා එතුමාගේ පූර්ණ ශක්තියෙන් පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමටත්, එහි සත්‍ය එළිදරව් කරගැනීමට අවශ්‍ය පදනම සකස් කරලා දෙනවා කියලා පොරොන්දු වුනා. “

එම කතාව කියා කාදිනල් හිමියන් ජනාධිපතිවරයා දෙසට හැරී එහෙම නේ යැයි ඇසූ අතර එයට ඔව් යැයි ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.