ට්‍රම්ප් ඝාතනයට පැය 12ක් පඳුරක් යට සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ඝාතනය කිරීමට උත්සහ කළ බවට චෝදනා ලැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා පැය 12 ක පමණ කාලයක් පඳුරක් අස්සේ සැඟව සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ හොඳම මිතුරකු මෙන්ම මැතිවරණ කඳවුරේ පරිත්‍යාගශීලියකු වන ස්ටීව් විධි කොෆ් සමඟ ට්‍රම්ප් ගොල්ෆ් පිටිය වෙත ඉරිදා පස්වරු 130 පමණ එහි පැමිණ ඇති බවත් සැකකරු ඊට පෙර පැය 12 කට පමණ පෙර එහි පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා.

ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි ස්ථානයට නුදුරින් වෙඩි ප්‍රහාරයන් 4 ක් හෝ 5 ක් පත්තු වීමත් සමග සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ ඒ මහතාව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇතත් සැකකරු කිසිම වෙඩිල්ලක් පත්තු කර නැති බවයි එෆ්.බී.අයි පරීක්ෂකයන පවසා තිබුණේ.

එම වෙඩි සියල්ල ආරක්ෂක අංශ සැකකරු වෙත එල්ල කළ ඒවා බවත් පරීක්ෂකයෝ සඳහන් කර තිබුණා.

සැකකරු සැඟවී සිටි ස්ථානයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව ඝාතනය කිරීම ඉතාමත් අපහසු කරුණක් බවත් පරීක්ෂකයෝ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඒ මහතාව ඝාතනය කිරීමට ගත් දෙවැනි උත්සාහය ලෙසටයි මෙය එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!