2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එසේම එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ , 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කළ තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ එන්නේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවයි.
එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මුලික වශයෙන්ම හේතුවී ඇත්තේ, විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බවත් අදාළ නිවේදනයේ සඳහන් වනවා.
නැවත ණය සේවාකරණය ආරම්භවූ විට ආර්ථික අස්ථායීතාවය නැවත ඇති වන බවට ද සමාජයේ මතයක් පවතින බව දැක්වෙනවා.
ආර්ථිකයේ සැබෑ සාධක වන තීරණාත්මක සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සුළු කොට තැකීමට හා අඩු තක්සේරු කිරීමට ද මෙවැනි කරුණු භාවිත කරන බව හඳුනා ගත හැකි වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.