කෝටි දෙකක් වටින දුම්වැටි ගුවන් තොටින් අල්ලයි

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සදහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

අද අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් එම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ අදාල දුම්වැටි 120,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 602 ක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සදහා යොදන රසායනික ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයා ගැනුනා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!