විද්‍යුත් විද්‍යා ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක්, ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක් පිටියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ පෙත්සම්කාර පාර්ශවය වෙතටයි.
අදාළ පැමිණිල්ල ලබන 25 වනදා යළි කැඳවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුව ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අතර ඊට අදාලව ආගමන විගමන පාලකවරයාට අද දිනයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.
ඒ අදාල නියෝගය අනුව කටයුතු කිරීමේදී ප්‍රායෝගික ගැටලු පවතින බවට ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමෙන් පසුවයි.
කෙසේ වෙනත් පසුව අනාවරණය වුණේ ආගමන විගමන පාලකවරයා විදෙස් ගතව ඇති බවයි.
විද්‍යුත් විද්‍යා ක්‍රමය අහෝසි කර පැරණි ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට පියවර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මස 2 වනදා නියෝග කළා.