සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
එම ගැසට් නිවේදනයට අනුව දෛනික අවම මූලික වැටුප රුපියල් 1350 ක් වන අතර අමතරව නෙළන එක් තේ දළු කිලෝවක් සඳහාම රුපියල් 50 ක අමතර මුදලක් ගෙවිය යුතුවනවා.
රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයින් ලබාගන්නා අමතර එක් රබර් කිලෝවක් සඳහාද මෙම අමතර ගෙවීම සිදුකල යුතුයි.
ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාවය අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබාගත හැකිවනවා.
මෙම ගැසට් නිවේදනය අනුව වතු සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සදහා වන අවම සීමාවද රුපියල් 1350 දක්වා ඉහළ යනවා.
මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.