වවුනියාවේ ඉඩමකින් පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක්

වවුනියාව තාඩික්කුලම් ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් සොයාගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ අදාළ ඉඩමේ හිමිකරු විසින් එම ඉඩම එළි පෙහෙළි කිරීමට යාමේදි මෙම උණ්ඩය හමුවී ඇති බවත් පසුව පොල්සියට කළ දැනුම් දීමකින් පසු එය පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් බවට තවුරු කරගත් බවයි.

පසුගිය යුධ සමයේ එල්.ටී.ටී. ඊ ත්‍රස්තවාදින් විසින් පසුව ගොඩ ගැනීමේ අරමුණින් වළදැමූ මෝටාර් උණ්ඩයක් බවයි වවුනියාව පොලිසිය පවසන්නේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයද ඇතිව එම මෝටාර් උණ්ඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට වවුනියාව පොලිසිය කටයුතු කළා.