පූජිත් පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර තිබෙනවා.

ඔහු එම සම්පූර්ණ මුදල ගෙවා නිම කර ඇත්තේ 8 වතාවක් ලෙසටයි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක මුදලක් ලෙස වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළා.