ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද පහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රජය විසින් අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කෙරෙනවා.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ලෙස පැවති සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.