අපේ රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එසේම ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බවත් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම සේවකයන් ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් සිදු කරන බවත් පෙන්වා දුන්නා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (04) ගාල්ලේදී පවතී ජනරැලියක් අමතමින්.
එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ අද වන විට මේ රට ගොඩනැඟීමට හොඳම ප්‍රතිපත්තිය, හොඳම දර්ශනය සහ වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් දක්ෂතම හැකියාව සහ පළපුරුද්ද සහිත කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සමග බවයි.
‘‘සමගි ජන සන්ධානයට රට ගොඩගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. සමගි ජන සන්ධාන ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් බොහෝ දේවල් කරන්න බැරි බව කියූ ආණ්ඩුව දැන් සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරන්න පටන් අරගෙන තිබෙනවා.
රට ගොඩනැඟීමට හොඳම ප්‍රතිපත්තිය සහ හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජන සන්ධානයේ. අත්දැකීම්, උගත්කම, කළපුරුද්ද තිබෙන දක්ෂයන් පිරිස සිටින්නේ සමගි ජන සන්ධානය සමඟයි. අපේ දර්ශනය, වැඩපිළිවෙළ මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩගන්න කටයුතු කරනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පෞද්ගලික අංශය විශාල දායකත්වයක් දෙනවා. පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ප්රාග්ධනය වගේම එහි සේවය කරන දහඩිය කඳුළු හෙළන වැඩ කරන ජනතාව, සේවකයන් විශාල වැඩ කොටසක් කරනවා. ඔවුන්ගේ උදාර සේවය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් කර තිබෙනවා.”