ශ්‍රී ලංකා එංගලන්ත අවසන් ටෙස්ට් තරගය නතර කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට අයහපත් ආලෝක තත්ත්වය හරස් වී ඇති නිසා තරගය අත්හිටුවීමටයි පියවර ගෙන තිබෙනවා.

ඒ වනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 71ක් ලබා සිටියා.

එහිදී බෙන් ඩකේට් ලකුණු 51ක් සහ ඔලිව් පොප් ලකුණු 14ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා.

පන්දුයැවීමේදී ළහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.