ස්වීඩනයේ පැවති ලෝක ප්රවීණයන්ගේ මලල ක්රීඩා තරගාවලියේදී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්රා ජයකාන්ත සමත්ව තිබෙනවා.
ලෝකයේ රටවල් 119ක ක්රීඩක ක්රීඩිකාවන් 8,250කගේ සහභාගිත්වයෙන් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති තරගාවලියේදී සචිත්රා ජයකාන්ත මීටර් 5.24ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තා.
ශ්රී ලංකා පොලිස් ක්රීඩා සමාජයේ නායිකාව ලෙසින් ද ඇය කටයුතු කරන අතර, මේ තරගාවලියෙන් පසු ඇය පසුගියදා යළි මෙරටට පැමිණියා.
ගුවන්තොටුපොළේදී ඇය පිළිගැනීම සඳහා ශ්රී ලංකා පොලිස් ක්රීඩා සමාජය වෙනුවෙන් ප්රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.