ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරනු ලැබූ නඩුවේ ,දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමුවන සැකකරු දිවිනසා ගැනීමේ තත්ත්වයකට සහ දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ දී ඇති බැවින් ඔහු වහාම අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝගකර තිබෙනව.
මෙහිදි මහේස්ත්‍රාත්වරිය නියෝගකලේ දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව පැමිණෙනතුරු පළමුවන සැකකරු මානසික රෝහලේ රඳවා තැබිය යුතු බවයි.
ඒ අනුව පළමුවන සැකකරු වන සුදත් ජානක වහාම මානසික රෝහල වෙත ගෙන යන ලෙස බන්ධනාගාර නිලධාරිට නියෝගකර තිබෙනවා.
” මේ පුද්ගලයා සියදිවි හානිකරගත්තොත් මට වගකියන්න වෙනවා. ඒ නිසා ඇප ලබාදීමසම්බන්ධයෙන් නීත්‍යානුකූල වාර්තා කැඳවනතුරු ලංකාවේ මානසික ප්‍රතිකාර කරන අංගොඩ රෝහල වෙත අදම රැගෙන යන්න ” යැයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදි ප්‍රකාශකර තිබෙනවා.
නඩුව ආරම්භයේදි පළමු සැකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ මානසික රෝගි තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කල් තබන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීයෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියා.
එහිදි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරින්ගෙන් විමසා සිටියේ මානසික රෝගයක් පිළිබඳ ලක්ෂණ කිසියම් රැඳවියෙකුගෙන් පෙන්වා සිටින්නේ නම් ඔහු මානසික රෝහලකට යැවීමට කටයුතු කරන්නේද යන්නයි.
එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියා පැවසුවේ එය ඒ අයුරින් සිදුකරන බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ එම සැකකරු මානසික රෝගි තත්ත්වයකට මුහුණපා ඇත්නම් වයස අවුරුදු 87වන ඔහුගේ මවට භාරදීම අනාරක්ෂිත බවයි.
එමෙන්ම අපරාධ නඩු විදි විදාන සංග්‍රහය අනුව එවැනි පුද්ගලයෙකුට ඇප ලබාදීමෙන් සමාජගත කළ නොහැකි බවත් ඔහු සුදුසු මානසික රෝහලකට යොමුකර සුදුසු ප්‍රතිකාර ලබාදෙන ලෙසයි.
තවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් ප්‍රමාණවත් සාක්ෂි ඇති, රජයේ චෙක්පත භාරගත් පලමු සැකකරු හට ඇප ලබා දිය නොහැකි බවයි.
ඒ අනුව පළමු සැකකරු අංගොඩ මානසික රෝහලට මාරුකර යැවීමට නියෝග කෙරුනා.
එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කලේ හිටපු අමාත්‍ය වරයා පූරණ ආබාධිත තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බවයි.
එසේම පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇප ලබා දුන්නද වැඩක් නොවන බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්න.
එබැවින් තම සේවාදායකයා වෙනුවෙන් යළිත් ඇප ඉල්ලා සිටින බවයි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා පැවසුවේ.
ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරිය පෙන්වා දුන්නේ සෙසු සැකකරුවන් මෙන් ම පූර්ණ වෛද්‍ය මණ්ඩලයට වෙත යොමුකර චූදිතයාගේ ද වෛද්‍ය වාර්තා කැඳවා ඇප පිළිබඳ සලකා බලන ලෙසයි.
පසුව ඉදිරිපත් වූ කරුණු සැකකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ අනෙක් සැකකරුවන් සිව් දෙනා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝගකලා.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 02 දා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.