අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්.
මේ අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා..
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරන්නේ.
මේ අතර අද දින දහවල් 12:10 ට වවුනියාව, වන්නමෝඩෙයි, අනල්කඩ්ඩිමඩි සහ පෙරියපණ්ඩිරිච්චාන් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.