එංගලන්තයේ හිටපු අංක එකේ විස්සයි20 පිතිකරු ඩේවිඩ් මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
2020 වසරේ ශ්‍රේණිගත කිරීම්වල අංක එක බවට පත් වූ ඔහු T 20 පිටියේදී අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 1000 ඉක්මවූ පිතිකරු ද වනවා.
ඒ සඳහා ඉනිම 24ක් වැය කළ ඔහු 2022 වසරේ විස්සයි20 ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
36 හැවිරිදි වියේ පසුවන ඔහු ජාත්‍යන්තර පිටියේදී ටෙස්ට් තරග 22ක්, එක්දින තරග 30ක් සහ විස්සයි20 තරග 62කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ පසුගිය වසරේ නොවැම්බර් මස පාකිස්තානයට එරෙහිව එක්දින පිටිදීයි.