තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයෝ එහිදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගෙන පෙරේදා (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා.
මේ තරගාවලිය ඉකුත් 22 දින සිට 25 දින දක්වා තායිවානයේ තායිපේ නුවර ප්‍රථම වතාවට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා රටවල් 8ක යොවුන් බොක්සිං ක්‍රීඩකයෝ සහභාගි වී සිටියා.
එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ තෙනුවන් මීගල්ල සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්.එම්.පී.ඩී. හීන්කෙන්ද යන යොවුන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනා රන් පදක්කම් 2ක් දිනාගැනීමට සමත් වී තිබුණා.
එසේම කොළඹ සහිරා විද්‍යාලයේ තුෂාල් ආසිල් මේ තරගාවලියට සහභාගි වී රිදී පදක්කමක් දිනාගත්තා.
ඊට අමතරව පැල්මඬුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ රවිඳු ජීවන්ත සහ වේයන්ගොඩ ජනාධිපති ජාතික විද්‍යාලයේ මවිඳු නිම්සර යොවුන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනා ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට සමත් වුණා.
එසේම මේ තරගාවලියේ හොඳම විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කපිල සුගතදාස මහතා සම්මානයට පාත්‍ර වුණා.
රටට කීර්තියක් ගෙන පෙරළා පැමිණි මේ පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මේ යොවුන් බොක්සිං ක්‍රීඩකයන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ ඔවුන්ගේ මවුපියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.