එළැඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට එක් මන්ත්‍රීවරයකු කැමැත්ත පළ කිරීමත් සමගම ටෙලෝ සංවිධානය පසුගිය 26 දා වන විට දෙකඩ වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන්නි පළාත නියෝජනය කරන අතර ඉන් එක් අයෙකු වන්නේ ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරයායි.
අනෙක් මන්ත්‍රීවරයා නෝහා රාධලිංගම් හෙවත් විනෝ වන අතර පසුගිය සතියේ ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව
වවුනියාවේදී රැස්වූ අවස්ථාවේ මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට ටෙලෝ සංවිධානයේ පූර්ණ
සහාය ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වුණා.
ඉන් දින දෙකකට පසුව ටෙලෝ සංවිධානයේ කිසිවකුටවත් නොදන්වා නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා කොළඹ ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණගැසී මෙවර ජනාධිපතිවරණයේදී තමා සහ තම පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවට පොරොන්දු වී තිබෙනවා.
මේ ආරංචියත් සමගම පක්ෂයට නොදන්වා ජනාධිපතිවරයා හමුවීම මන්ත්‍රීවරයා කළ වරදක් නිසා ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු සපයන ලෙස ලිඛිතව ලියවිල්ලක් හා චෝදනා පත්‍රයක් ටෙලෝ නෞඅකය හා කාරක සභාව විසින් මන්ත්‍රීවරයාට භාර දී තිබෙනවා.
ඔහු එම ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට පටන් ගැනීම නිසා ටෙලෝ සංවිධානය මේ වන විට දෙකඩ වී තිබෙනවා.
මේ පිළිබඳව මාධ්‍යවේදීන් ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් තොරතුරු විමසු විට ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව පැවසූ අතර නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට සහාය පළ කර ඇති පාක්ෂිකයන් සමග එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවයි