මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා තමා ඇතුළු කණ්ඩායම එකට එක්ව කටයුතු කළ බවත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන පිරිස් දේශපාලනය කළ බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ප්‍රකාශ කළා.
ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නන් මෙරට අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවත් ,කෙසේ හෝ විවේචන වලට නොබියව මුහුණ දෙමින් මේ වසරේ පැවැත්වීමට නියමිත විභාග සියල්ල පවත්වා අවසන් කරන බවත් අමත්‍යවරයා පැවසුවා.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කරන බවත් ඉදිරි ජනවරියේ සිට වැටුප් විෂමතා ඉවත්කර ගුරුවරයෙකුගේ අවම වැටුප රුපියල් 55000 ක් බවට පත් කරන බවත් ඒ මහතා පැවසුවා.