අගෝස්තු 29 පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සහ අවසන් තරගය වෙනුවෙන් එංගලන්ත සංචිතයට විසි හැවිරිදි වේගපන්දු යවන්නෙකු වන ජෝෂ් (Josh Hull) නම් කර තිබෙනවා.
මාක් වුඩ්ට ආබාධයක් හේතුවෙන් ඉතිරි තරග ක්‍රීඩාකළ නොහැකි වීම නිසා කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩාකර නොමැති Josh Hullව මෙලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔහුව සංචිතයට කැඳවුවත් එංගලන්ත සංචිතයට මුල සිටම නම්කර සිටි ඔලි ස්ටෝන් මීළඟ තරගයට ක්‍රීඩා කරවීමට වැඩි ඉඩක් තිබෙනවා.