ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් වෙඩික්කරු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා මේ වන විට රඳවාගෙන ප්රශ්න කරන බව පොලීසිය සඳහන් කරනවා.
ත්රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ දෙහිවල කවුඩාන ප්රදේශයේදී .
ක්ලබ් වසන්ත ඝාතනය කළ ස්ථානයේ තිබූ උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12ක් ද මෙම සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.
වෙඩික්කරුවකු වන අජිත් රෝහණ නොහොත් චණ්ඩි අහුංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 14 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර තිබෙනවා.
ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්, ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනඩ් කරල් 2ක් හා ජංගම දුරකථන 03ක් ද මෙම පිරිස සතුව තිබී සොයාගෙන තිබුණා.