මංගල තරගයට එක්වූ ‘මිලාන් සහ ධනංජයගෙන්’ අර්ධ ශතක දෙකක්

ශ්‍රී ලංකාව සහ සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී ඊයේ (21) තරගය ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු ගණන 236ක්.

ධනංජය ද සිල්වා පන්දු 84ක් තුළ ලකුණු 74ක් වාර්තා කළ අතර සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වූ මිලාන් රත්නායක ලකුණු 72ක් ලබා ගත්තා.

එංගලන්තය තම පළමු ඉනිම සඳහා දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 22ක් සිටියා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නැරඹිය හැකියි.