ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට එක්ව තිබෙනවා,
ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා සමග පැවති හමුවකින් අනතුරුවයි.
එහිදී එම නියෝජිතයන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණා.
එහිදී අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන්, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් ලිපි භාර ගත්තා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික් එජාප සංවිධායක ධුරයක් හිමිවුණේ මීට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාටයි.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පත්කෙරුණු අතර තවත් 295 දෙනෙකුට දිස්ත්‍රික් හා කලාප සංවිධායක ධුර පිරිනැමුණේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගිත්වයෙනි.