පොහොට්ටුවෙන් ගැළවී ජනපති ළඟට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් නව බලවේගයක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

එම දේශපාලන බලවේගය ගොඩනැගීම සඳහා අගමැතිවරයා ලෙස තමන්ද සහයෝගය ලබාදෙන බවයි ඒ මහතා පවසන්නේ.

ඊයේ (18) මහනුවර මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.