මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද (19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වී අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගොඩ පොලීසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 55ක් පමණ වයසැති අයෙක් බව හා ඔහු සහ බරපතල තුවාල ලබා ඇති තැනැත්තා ඉදුරුව මහ ඉදුරුව ප්රදේශයේම පදිංචි අය බව පොලීසිය සඳහන් කරනවා.
ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ සිටි පැමිණි දර පටවා ගෙන පැමිණි ලොරි රථයක් ගැටී ඇති බවත් පොලීසිය පවසනවා.
දුම්රියේ ගැටුණු ලොරි රථය කුඩු පට්ටම් වී ඇති බවද පොලීසිය පවසනවා.