මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී මේ පිළිබඳව දැනුවත් වෙන්න

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙසට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේද මේ පිළිබඳව දැනුම්වත් කර තිබෙනවා.

එසේම ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීමත් තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ.