ජනපතිගේ පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක සහාය

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා තිබෙනවා .

ඒ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී.

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය අත්සන් තබනු ලැබුවේ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් පමණක් නොව රටේ සහ ජනතාවගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීමේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.