ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසනවා.
පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමග එක්වුවත් ජනතාව එලෙස කටයුතු නොකරන බව හා ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමග එක්ව ඇති බව ඔහු පවසනවා.
එසේම මේ වන විට පක්ෂය හැරගිය නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සඳහන් කරනවා.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මේ බව පැවසුවේ, මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (11) පැමිණි අවස්ථාවේ දීයි.