එළඹෙන සඳුදා සහ අඟහරුවාදා ගැන ග්‍රාම නිලධාරීන්ගෙන් ප්‍රකාශයක්

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කරන්නේ එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දින දෙකේදී සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බවත් ඒ මහතා අවධාරණය කළා.