හරි තීන්දුවක් නොගත්තොත් පොහොට්ටුවට වෙන දේ ගැන ප්‍රසන්න කියන දේ

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාන්‍යවරයා මෙසේ අදහස් පල කළා .

”මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පහු ගිය අවුරුදු දෙකහමාරේදීම ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113යි. අපිට ඉතුරු මාස දෙක, තුන තුළ මේ ගමන යන්න පුළුවන්. අපිට සරල බහුතරය තියෙනවා. හරි තීන්දුවක් ගත්තොත් අපි පොහොට්ටුව එක්ක ඉන්නවා.වැරදි තීන්දුවක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි ”.