ජාලගත ක්රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01)දිනයේ සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණත් එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ජාලගත ක්රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්රී 7.00ට ආරම්භ වූ අතර එය සංශෝධනය කරමින් එය උදෑසන 10.00ට ආරම්භ කිරිමට මින් පෙර තීරණය කර තිබුණා.
කෙසේවෙතත් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතුවෙන් එය පෙර පැවති වේලාවටම සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.