මැතිවරණ කොමිසමෙන් වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ගැන නිවේදනයක්

ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයෙන් 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ අනුව ඒකබද්ධ සේවා චක්‍රලේඛ මගින් ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඊයේ (29) දිනයේ දී අදාළ ස්ථාන මාරුවීම් චක්‍රලේඛය ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රදේශීය ලේකම්වරුන්ට නිකුත් කර ඇති බව වාර්තා වනවා.