NPP සමුළුවට ගිය හෙදියන්ට වැඩ වරදී

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දිනයේදී පැවැත්වුණු ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරනවා.

ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව ලිපියක් මගින් දැනුම්දෙමින්.

මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනුව හා මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දෙනවා.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරනවා.